සදාහරිත වන පෙත් ගැබේ
නිමා නොවෙන සිසිලස රැදේ
ගලා හැලෙන දිය ඇළි දිගේ
පියාබන්න අත්තටු නැතේ
උදාවෙන්න පෙර හිරු රැසේ
ගලා එන්නෙ කිචි බිචි රසේ
යොමා සවන් අසමුකෝ පියේ
පෙමා තුරුව හද සසල වේ
ලබා ගන්න ජීවිත රසේ
...සොබාදහම රකිමුව ලොවේ...
Create by;
Randima Liyanage