වළාකුලු නොපෙනෙනා මහා ඝන රෑ යාමයේ
සදා නෙතු යුග දෙකක් සිනාසෙනු මට පෙනේ
හමා එන මදනළේ සීතලෙන් ගත වෙලේ
දමා යනු කෙළෙස මම තරු දෙකකි සිතු දැලේ
ගැඹුරු දියේ නිසසලව ග0ගාව ගලනවා
බාධාව ඇති තැනදි එය දෙකට බෙදෙනවා
හමා එන මදනළේ මිහිරක්ද දැනෙන
දරා ගනු හැකිවේද කියා මට සිතෙනවා
ලගින් ඇති අත මානෙ සුවද මල් පිපෙනවා
දුරින් ඉද බලාගෙන එහි සුවද විදිනවා
හමා එන මදනළේ දුක් ගීත ඇසෙනවා
සිතින් කළ ආදරය වෙනකෙකුට පිදෙනවා
Randima Liyanage
nise bro
ReplyDeletetnx malith.....
ReplyDelete